අනුරාධපුර මහ නගර සභාවේ 2019 වසර වෙනුවෙන් නගරාධිපති එච්. පී. සෝමදාස මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය අද(14) වැඩි ඡන්ද 10 කින් සභා සම්මත විය.
අනුරාධපුර නගර සභාවේ පාලන බලය හිමි පොහොට්ටුවේ මන්ත්‍රිවරු 15 දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු තිදෙනා අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා විරුද්ධව ඡන්දය පළ කළහ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රිවරයා මෙදින සභාවට පැමිණ සිටියේ නැත.