(උපාලි ආනන්ද)
නිවසකට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපල වලට අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින අනුරාධපුර නගරාධිපතිවරයා ඇප මත මුදා හරින්නේද නැද්ද යන නියෝගය අනිද්දා (10) ලබාදීමට උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (08) නියෝග කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයාට සහ තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විරෝධතා ගොනු කරන ලෙසත් නියෝග කෙරිණි.
තඹුත්තේගම මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගයකට අනුව දැනට රිමාන්ඞ් කර සිටින අනුරාධපුර නගරාධිපතිවරයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලමින් අනුරාධපුර මහ නගර සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී නලීන් සිරිවර්ධන මහතා නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝග කරනු ලැබීය.