(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගර සභාව මගින් නගරයේ කැළි කසල අනුරාධපුර කිරික්කුලම ගම්මානයට රැගෙන යාමට විරෝධය පලකරමින් ගම්වාසින් පිරිසක් අද (13) අනුරාධපුර නගර සභාවට කඩාවැදී විරෝධතාවයක නිරතවුහ.
ගම්වාසීන් නගරාධිපති එච්.පී.සෝමදාස මහතාගේ නිල කාමරයට පිවිස තම ගම්මානයට නගරයේ කැළි කසල බැහැර කිරිම වහා අත්හිටුවන ලෙසට බලකර සිටියේය.
මෙහිදී නගරාධිපතිවරයා අතරත් ගම්වාසීන් අතරත් උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.
පසුව මේ ගැටළුව විසඳීම සදහා නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා නගර සභාවට පැමිණ සිටි ගම්වාසින් පිරිසක් සමඟ කිරික්කුලම ගම්මානයට පිටත්ව ගිය අතර එහි තත්වය පිළිබඳව නිරික්ෂණය කිරිමෙන් පසුව විසඳුමක් ලබාදෙන බවට නගරාධිපතිවරයා විසින් පැමිණි සිටි ගම්වාසින්ට පොරොන්දු විමෙන් පසුව විරෝධතාවය අවසන් විය.