(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරි සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති කමින් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි බන්ධනාගාර නිලධාරිහු පවසති.
බන්ධනාගාර නිලධාරීන් 100 කට ආසන්න පිරිසකගේ හිඟයක් පවතින බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය තුළ දැනට සිටින සීමිත නිලධාරීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ. විවිධ වැරදි සම්බන්ධයෙන් මේවන විට අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳවියෝ 10,000 අධික පිරිසක් රැදී සිටිති.
ඔවුන්ගේ ආරක්ෂක කටයුතු හා සුභසාධන කටයුතු සිදු කිරීම මෙන්ම ඔවුන් රැකබලා ගැනීම ද ගැටලුවක් බවට පත්ව තිබේ.
දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ සඳහා රැඳවියන් රැගෙන යාමට සිදුවීම නිසා නිලධාරීන්ගේ හිඟය උග්‍ර වී ඇත. සාමාන්‍යයෙන් උසාවි 14 ක් සඳහා රැඳවියන් රැගෙන යාමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.