අහංගමදී දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි


සුමතිපාල දීයගහගේ  
 
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අහංගම ගිනිවැල්ල දුම්රිය හරස් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (12) අනුරාධපුරයේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රියේ හැපි ඇතැයි අහංගම පොලිසිය පවසයි.
 
මෝටර් රථය දුම්රියේ හැපී විසිවී ගොස් ඇතත් එහි සිටි රියදුරුට තුවාල සිදුවී නැතැයිද පොලිසිය පැවසීය. 
 
මෙම හරස් මාර්ගයේ ගේට්ටුව විවෘතව තිබූ නිසා මෝටර් රථයේ රියදුරු දුම්රිය හරස් මාර්ගය මතට පැමිණි විටම ගාල්ල දෙස සිට පැමිණි දුම්රියේ මෝටර් රථය හැපී විසිවී ගොස් ඇත.
 
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු පමණක් මෝටර් රථය තුල සිටි බවද වාර්තාවේ.
 
එම අවස්ථාවේ දුම්රිය හරස් ගේට්ටුවේ මුරකරු එහි නොසිටි බවද පොලිස් පරික්ෂණවලදී අනාවරනයවී ඇත. මේ පිළිබද අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.