අහංගම සුනඛ මධ්‍යස්ථානය වසා දැමීමේ යෝජනාවට විරෝධතා


(ඩී.ජී.සුගතපාල)

අහංගම මිදිගම කලපුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇනිමල් එස්.ඕ.එස්. සුනඛ මධ්‍යස්ථානය වසා දැමීමට  වැලිගම ප්‍රාදේශිය සභාව විසින් යෝජනාවක් සම්මත කිරිමට විරෝධය පල කරමින් සත්ත්ව අවිහිංසාවාදි පිරිසක් අද  (27) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.

විරෝධතාකරුවන් කියා සිටියේ මෙම මධ්‍යස්ථානයේ දැනට සුනඛයින් එක් දහස් තුන්සියක් පමණ සිටින අතර එයට අමතරව ජල භීතිකා එන්නත් ලබා දිමත් වන්ධ්‍යාකරණය සිදු කිරිමත් කරන බවය.

රජය විසින් සිදු කළ යුතු කාර්යයක් මෙම ආයතනය සිදු කිරිම නිසා කළ  යුත්තේ එය වසා දැමිම නොව ආරක්ෂා කර ගැනිම බවත්  ඔවුහු කියා සිටියහ.

මෙම මධ්‍යස්ථානය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස විදේශිය කාන්තාවක් විසින් පවත්වා ගෙන යනු ලබන එකක් වන අතර මෙයට එරෙහිව ප්‍රදේශවාසින් පිරිසක්ද අධිකරණයේ නඩුවක් පවරා ඇත.