අහංගම ගින්නකින් කඩ 3 කට හානි


අහංගම සුමතිපාල දීයගහගේ සහ උනවටුන ඩී ජී සුගතපාල
අහංගම නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ අද (2) දවල් හදිසියේ හටගත් ගින්නකින් එක් වෙළදසැලක් සම්පුර්ණයෙන්ම  විනාශවී තවත් වෙළඳසැල් දෙකකටද බරපතල හානී සිදුවී ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම ගින්න නිසා පාවහන් වෙළදසැලක් සම්පුර්ණයෙන්ම පිළිස්සි විනාශවී ඇති අතර නීතිඥවරයෙකුගේ කාර්යාල කාමරයකට සහ මෝටර් රථ අමතර කොටස් වෙළදසැලකටද බරපතල අලාභ හානීවී ඇත.