අවුල් ලිහාගෙන ඉදිරි මැතිවරණය තියන්න - පැෆරල්


අවුල් ලිහාගෙන ඉදිරි මැතිවරණය තියන්න - පැෆරල්
 
 
 
 
         

(විනීතා එම් ගමගේ)

ඉදිරි මැතිවරණවලදී අර්බුද මතුනොවන පරිදි මේ මැතිවරණයේ දී මතුවූ ගැටළුවලට විසඳුම් සොයා ගෙන ඉදිරි මැතිවරණ පැවැත්විය යුතු යැයි පැෆරල් සංවිධානය රජයට යෝජනා කර තිබේ. 

දැනටමත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡා මතුවෙමින් පවතින බැවින් ඉක්මණින්ම පළාත් පාලන මැතිවරණයේ දී මතුවූ ගැටලූ නිරාකරණය කරගත යුතු ව ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා  පැවැසීය. 

විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඇතිවූ ගැටලූ අතර කාන්තා නියෝජනය සියයට 25 ක් පවත්වාගෙන යා නොහැකිවීම, නාම යෝජනා භාරදීමේ දී ඇතිවන ගැටලූ, ප‍්‍රතිපල ප‍්‍රකාශයට පත් කිරීමේ දී ඇති වන ගැටලූ, ආදිය පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය. 

එම මැතිවරණයේ දී ගණන් කිරීම වැරදි ලෙස සිදුවී යැයි මේ වන විට ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගමින් සිටින බවත් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

එසේ සිදු නොකර පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වුව හොත් යළිත් පළාත් සභා ද අවුල් ජාලාවක් වනු ඇතැයි ඔහු තව දුරටත් ප‍්‍රකාශ  කළේය.