(සිරංගිකා ලොකුකරවිට)
හපුගල නාවින්න ප්‍රදේශයේ අවිධිමත් ලෙස පවත්වාගෙන යන පරණ යකඩ හා ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන මගින් සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බව බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ජී ඒ ආශා ලක්මාලි මහත්මිය පවසයි.
වර්ෂා කාල වලදී මේ ස්ථාන මදුරුවන්ට හොඳ නවාතැන්පලක් වන බවත් ඔවුන් පදිංචි නිවෙස් ආසන්නයේම මේ බඩු ගොඩගසා ඇති නිසා නොයෙක් සෞඛ්‍ය ප්‍රශ්න ද පැන නගින බවත් පසුගිය වසරේ මෙම ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් කිහිප දෙනකුම වාර්තා වූ බවත් ඇය පැවසුවාය.
ඔවුන් විසින් එකතු කරගෙන එන තාර බැරල්වල ඉතිරි වී තිබෙන තාර ඉවත් කිරීම සඳහා පිළිස්සීම සිදු කරන්නේ ද මෙම නිවෙස් ආසන්නයේය. තාර පුච්චන විට ලොකු දුමාරයක් පිටවන බවත් ඔවුන් විසින්ම සකස් කරගත් ඇටවුමක් මගින් පිළිස්සීම සිදු කරන බවත් දුම අවට අනාරක්ෂිත ලෙස පරිසයට මුදාහැරෙන බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.
“අපි මේ ස්ථානය නිරීක්ෂණය කරන්න කිහිපවිටක්ම ගියා. අවශ්‍ය උපදෙස් හා අවවාද ලබා දුන්නා. ඒත් ඔවුන් ඒවා පිළිපදින්නේ නැහැ. ටික දිනකින් නැවතත් සුපුරුදු විදියටම කරනවා. මේ නිසා දිගින් දිගටම ගැටලු ඇති වීම වළක්වන්න බැහැ. මේ ප්‍රදේශය තරමක් ජනාකීර්ණයි. අවට තවත් නිවාස බොහොමයක් තිබෙනවා.
ඒ අය නිතර පැමිණිලි කරනවා. මෙවැනි ස්ථානවල අනාරක්ෂිත ලෙස තාර පිච්චීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ගස් වලත් කළු පාටට දුම බැඳිලා තියෙවා. මේ ගෙවල් වල පොඩි ළමයිනුත් ඉන්නවා. ජනාකීර්ණ ස්ථාන වලින් බැහැරව මේක කරනවා නම් හොඳයි. මධ්‍යම පරිසර අධිකාරිය මගින් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. දිළිඳු කමත් නොසැලකිලිබවත් මේ ප්‍රශ්න වලට තවත් හේතුවක් “ ඇය කීවාය.