අවසර නොගෙන විල්පත්තුවෙන් නිල් අවරිය කැපූ 3 ක් අල්ලා ගනී


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී ඉතා දුර්ලභ ඹෟෂධයක් වන නිල් අවරිය ශාක කපා රැගෙන යාමට සුදානම් කර තිබියදී අද (7) සැකකරුවන් තිදෙනෙකු අදාල ශාක තොගය සමඟ අත්අඩංගුවට ගත් බව මුල්ලිකුලම අඩවි වන ජීවි කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ගලේවෙල  ප්‍රදේශයේ සිට කුඩා ලොරි රථයකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරියවිල්ලුව ප්‍රදේශයට ගොස් එහි නිල් අවරිය ඹෟෂධ ශාක කපා ප්‍රවාහනයට සුදානම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකි.

මෙම සැකකරුවන්  අවසරයකින් තොර විල්පත්තුව වන උද්‍යානයේ විශාලතම විල්ලුව වන පෙරියවිල්ලුවට ගමන් කර විල්ලුව අවට තිබූ නිල් අවරිය ශාක කපා රැගෙන යාමට සුදානම් වෙමින් තිබියදී අත් අඩංගුවට ගත් බව වන ජීවි නිලධාරින් පවසයි.