අලියෙකු පහර දීමෙන් තිදරු මවක් මරුට


(ක.ග. කරුණාරත්න)

අරලගංවිල වෙහෙරගම දේවගල ප්‍රදේශයේදී අද (06) දහවල්  1.00 ට පමණ වන අලියෙකු පහර දීමෙන් 50 හැවිරිදි තිදරු මවක මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල පොලිස් වසමේ දේවගල, වෙහෙරගම අංක. 246 නිවසේ විසූ විජේකෝන් මුදියන්සේලාගේ අයිරාංගනී විජේකෝන් (50) යන අයයි.

මේ කාන්තාව තම නිවස අසල පිහිටි කැලෑවට දර සෙවීම සඳහා ගොස් සිටියදී අලියාගේ ප්‍රහාරයට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

අරලගංවිල පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.