( ක ග කරුණාරත්න සහ නිමල් ජයරත්න )
පොලොන්නරුව අරලගංවිල අලවාකුඹුර ප‍්‍රදේශයේදි වන අලියෙකු පහරදී අද (09) පුද්ගලයෙකු මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ අරලගංවිල අලවාකුඹුර අංක 18/1 ලිපිනයේ පදිංචි කැමිලස් කැලිස්ටස් පෙරේරා නැමැති 51හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මාදුරුඔය ජලාශයේ ධිවර කාර්මිකයකු වන මොහු සිය නිවෙසේ මිදුලේ නිදා සිටියදී අලියා පහරදී තිබෙන බව පොලිසිය කියයි.