ක.ග කරුණාරත්න
පොළොන්නරුව, කලහගල ප්‍රදේශයේදී අලියකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමෙන් පසු ඔහුගේ අවමඟුල් කටයුතු සිදුකෙරුණු අද(08) පස්වරුවේ ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ.
කලහගල පදිංචි 38 හැවිරිදි ගොවියෙකු වන එම්.ඒ සමන්කුමාර යන අය තම කුඹුරේ පැල් රැකීමට ගොස් ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී ඊයේ(07) අලුයම 3.30 ට පමණ වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වී එම ස්ථානයේදීම මරුමුවට පත්විය.
අද(08) පස්වරුවේ ඔහුගේ දේහය සහිත මිනී පෙට්ටිය පොලොන්නරුව, කලහගල ප්‍රධාන මාර්ගය වෙත රැගෙන විත් වන අලි තර්ජනයට විසඳුම් ලබාදෙන්නැයි වගකිවයුත්තන්ට බලකරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.
අලින්ගේ කලහයට එරෙහිව කලහගල වැසියෝ වීදි බසිති
Recommended Articles