(නිශාන්ත කුමාර)
මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැදඔය , අලිකදුර, වැව්පිටිය, රෝහණ හා ඒ අවට ගම්මානවලට අද (15) කඩා වැදුණූ වන අලි රංචුවක් ගෙවතුවල වගා කර තිබූ පොල්, කෙසෙල්, බඩ ඉරිගු ඇතුළු බෝග වගාවන් රැසක් කා දමා වැපිරූ කුඹුරු ඉඩම් කිපයක්ද පාගා විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
රන්දෙණිගල රක්ෂිතයේ සිටි අලි 6 දෙනෙක් පමණ මෙම විනාශය කළ බවද ගම්මු කියති.