(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව නැවත පදිංචි ගම්මානයක් වන බෝගස්වැව ප්‍රදේශයට අද (14) අලුයම වනඅලි රංචුවක් කඩා වැදීමෙන් ගම්මානයේ වගාවන් රැසකට හානි සිදුව ඇති බවට ගම්වාසීහු පවසති.
බෝගස්වැව ගම්මානයේ වැසියන් වගා කොට තිබූ කෙසෙල් මඤ්ඤොක්කා පොල් හා තේක්ක වගාවන්ට මෙලෙස වල් අලි කඩා වැදීම හේතුවෙන් දැඩි ලෙස හානි සිදුව ඇත.
මේ අතර ගෙවුණූ දින කිහිපයේද බෝගස්වැව ,ඒ රුපතාන මහකච්චකොඩිය හා පිරප්පම්මඩුව යන ප්‍රදේශය වල පිහිටි ගම්මානයන්හි වගාවන්ටද වන අලින් විසින් දැඩි ලෙස හානි කර ඇති බවටද එම ගම්මානවල වැසියන් කියා සිටිති.
මෙලෙස වන අලි තර්ජනය මේ දිනවල දෛනිකව සිදුවන බැවින් එයට විසඳුමක් ඉල්ලන මෙම ගම්වාසීන් කියා සිටින්නේ බෝගස්වැව ප්‍රදේශයේ ඇති අලි වැට සියලු ගම් ආවාරණය වනපරිදි දීර්ඝ කොට ලබා දෙන ලෙසටයි.