(දිලීප් ජයසේකර)
සුරියවැව බෝගහඉදිවැව ගම්මානයට නිතර කඩා පැන නිවාසවලට හානි කරන අලි තිදෙනා අල්ලාගෙන යාමට වගකිවයුතු බලධාරීන් සතියක් තුළ කටයුතු නොකරන්නේ නම් නම් ගම්වාසීන් එකතු වී මෙම අලි තිදෙනා මරා දමන බව ප්‍රදේශවාසීහු කියති.
පසුගිය දින 04 තුළදී වන අලි පහර දිම් හේතුවෙන් නිවාස 10ක් පමණ හානි වී ඇතැයි ද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව කොතෙකුත් දැනුවත් කළද මෙතෙක් කිසිදු පලක් නොවු බවද ගම්වාසීහු පවසති. මෙම වන අලි තිදෙනාගෙන් එක අලියෙකු නිවෙස් කඩා හාල් කෑමට පුරුදු වී සිටින බවද කියති.
මෙම අලි තිදෙනා අල්ලා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් පසුගිය දින කිහිපයේම බෝගහඉදිවැව ගම්මානයේ නිළධාරීන් රාජකාරියේ නිරත වී සිටි බවත් හම්බන්තොට අඩවි වන සහකාර නිලධාරී විජයකුමාර මහතා පවසයි.
නමුත් ගම්මුන්ගෙන් රාජකාරියට බාධා එල්ල වීම නිසා එහි අලි මෙහෙයුම් තාවකාලිකව නතර කළ බවත් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ගැන සුරියවැව පොලිසියට පැමිණිලි කළ බවත් ඒ මහකා කියයි.
(පසුගිය දින කිහිපය තුළදි වන අලින් බෝගහඉදිවැව නිවෙස් කඩා දමා ඇති අයුරු)