අලි ගම්වැදීම වළක්වන්න විදුලි වැටක් ඉල්ලති


(වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර)

තම ගම්මානය වෙත වන අලි කඩාවැදීම වැළැක්වීම සදහා ගම්මානය වටා විදුලි වැටක්  ඉදිකර දෙන්නැයි ඉල්ලමින් මහියංගණ, පැරකුම් පෙදෙස,දෙහිගොල්ල හා ඒ අවට ගම්වාසීන් පිරිසක් අද මහියංගන  පදියතලාව මාර්ගයේ දෙහිගොල්ල
ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවූහ.


මේ සම්බන්ධයෙන් අනිද්දා  දිනයේ වන ජීවී අමාත්‍යවරයා සමඟ සාකච්චාක් ලබා දෙන බවට ලබා දුන් පොරොන්දුවක් හේතුවෙන් උද්ඝෝෂක පිරිස උද්ඝෝණය නිමා කිරීමට කටයුතු කළහ.

උද්ඝෝණය හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනා ගමනටද බාධා ඇතිවිය.