අල්ලස් ගත් හේකිත්තේ ග්‍රාම නිලධරයා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 169 හේකිත්ත වසමේ ග්‍රාම නිලධාරිවරයා රුපියල් හාර දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී  අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.

වත්තල ප්‍රදේශයේ කාන්තාවක් මීට දින කිහිපයකට ඉහතදී සැකකාර ග්‍රාම නිලධාරිවරයා හමුවට ගොස් ඇයගේ ස්වාමි පුරුෂයා නමින් පදිංචිය සනාථ කිරීම සඳහා සහතිකයක් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවවරයා පැවසීය.

අදාළ කාන්තාවගෙන් ඒ පිළිබඳව ලද පැමිණිල්ල අනුව අද (22) සැකකාර ග්‍රාම නිලධාරිවරයා ඔහුගේ කාර්යාලයේ දී එම මුදල ලබාගනිද්දී අත්අඩංගුවට ගෙන අැත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.