(ක.ග. කරුණාරත්න)
මහවැලී බී කලාපයේ සිංහපුර කොට්ඨාස කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන ඒකක කළමණාකාර වරයෙකු මහවැලි ඉඩමක් සම්බන්ධ රාජකාරී කටයුත්තක් කරදීම සඳහා ප‍්‍රදේශයේ ගොවියෙකුගෙන් රුපියල් විසිදාහක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අද (19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීහු කියති.
වැලිකන්ද සිංහපුර කොට්ඨාසයේ පිහිටි මහවැලි ඉඩමකට ඔප්පුවක් ලබා දීමට සැකකාර මහවැලි නිලධාරියා මහවැලි ගොවියෙකුගෙන් අල්ලස් මුදල ලබාගෙන ඇති බව විමර්ශණ වලදී හෙළිවී තිබේ.