අලවතුගෙඩ ගින්නකින් ජ්‍යෝතිෂඥයෙකු පිළිස්සී මරුට


 (මොහොමඩ් ආසික්)


අලවතුගොඩ නගරයේ  පිහිට නිවසක් තුල අද  24 අළුයම හට ගත්  ගින්නක් හේතුවෙන් එම නිවසේ තනිවම ජීවත් වූ 68 හැවිරිදි ජ්‍යෝතිෂඥයෙකු මිය ගොස් තිබේ.


වසර 25 කට වැඩි කාලයක් එමම ස්ථානයේ රැඳී සිටිමින් ජ්‍යෝතිෂ කටයුතු සිදු කරමින් සිටි මොහු ප්‍රදේශයේ ජනතාවගේ සිත් දිනා ගත් පුද්ගලයෙකු බව ප්‍රදේශයේ ජනතාව කියති.


මීගමුව දිවුලපිටිය  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගෙන් දිනපා විශාල ප්‍රමාණයක් සිය දෛවඥ කටයුතු සිදු කර ගැනීම දහා පැමිණෙන බවත් ප්‍රදේශවාසීහූ කියති.


 අසල පදිංචි අය නිවස තුලින් දුමක් යන බව දැක පරීක්ෂා කිරීමේදී මෙම නිවස තුල සිටි මොහු  නිදා සිටි ඇඳ ඇතුළු අසල උපකරණ ගිනි තිබී හමු වී තිබේ. මිය ගිය අයගේ මෘත ශරීරය මහනුර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමතිව තිබිණ.අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරක්ෂණ පවත්වයි.