(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව - අරුවක්කාඩු කසල රඳවනයට කඩා වැදි හානි සිදු කළ බවට චෝදනා ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ අනෙක් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙක බැගින් වන පරිදි මුදා හැරීමට පුත්තලම මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද (10) නියෝග කළේය.
මෙසේ ඇප නියමවුයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන අබේසිංහ මුදියන්සේලාගේ බුද්ධික ගිහාන් සහ සේරක්කුලිය පදිංචි මොහොමඩ් අස්රඩ් නැමති දෙදෙනෙකුටය.
අදාල සැකකරුවන් දෙදෙනා වනාතවිල්ලුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ වනාතවිල්ලුව අරුවක්කාඩු ප්‍රදේශයේ රජය මගින් ඉදි කිරීම් කරගෙන යනු ලබන කසල රඳවන ස්ථානයකට විරෝධය පළ කරමින් ( 9 ) පැවැත්වූ විරෝධතාවකදී කාර්යාලයට ගල්මුල් වලින් පහර දුන් බවට එල්ල වන චෝදනා වලට බව පොලිසිය කියයි.
අදාල සැකකාර මන්ත්‍රීවරයා සහ අනෙක් තැනැත්තා වනාතවිල්ලුව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී නීතිඥවරු 10 කට ආසන්න පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.