(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීමට විරෝධය දක්වමින් අද (12) පුත්තලම කලපු තීරයට එක්වූ සර්ව ආගමික නායකයන් ප්‍රතිඥාවක් ලබා දෙමින් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය පුත්තලමේ කිසිදු ස්ථානයක ඉදි කිරීමට රජයට ඉඩ නොදෙන බවයි.
පුත්තලම කලපු තීරයේ සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට බෞද්ධ භික්ෂුන් වහන්සේලා , කතෝලික පියතුමන්ලා , කුරුක්කල්තුමන්ලා , මවුලවි වරුන් ඇතුළු සර්ව ආගමික නායකයෝ එක්ව සිටියහ.
පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර පොස්ටර් , බැනර් සහ කටවුට් රැගත් පිරිස් පා ගමනින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවයට සහභාගි වූ සර්ව ආගමික නායකයෝ පුත්තලම සහකාර දිස්ත්‍රික් ලේකම් පී.ඒ.ඩි.එම් අතුකෝරාල මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා සංදේශයක් ද බාරදුන්හ.