අරලගංවිල වෙළඳ සංකීර්ණයක ගින්නක්


(ක.ග.කරුණාරත්න)

අරලගංවිල නගරයේ වෙළඳ සංකීර්ණයක අද (26) රාත්‍රී 8.45 ට පමණ ගින්නක් හටගෙන ඇති බව අරලගංවිල පොලිසිය පැවසීය.

විදුලිය උපකරණ අලෙවිකරන වෙළඳසැලක මෙම ගින්න මුලින්ම හටගෙන ඇති බව පොලිසිය කීය.

පොලීසිය සහ මහජනතාව එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කරන බවත් පොලොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එම ස්ථානයට ලඟාවෙමින් සිටින බවත් පොලිසිය සඳහන් කළේය.