අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට


(එම් .සුසිල් ප්‍රියන්ත)

අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙකු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදි අද (12) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි .

මේ සැකකරු ඌරගස්මංහන්දිය පහේ කණූව ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත්  බවද පොලීසිය කියයි .
 
ලැබුනු තොරතුරකට අනුව පොලිස්  උපායදූතයකු යොදවා සැකකරු අත් අඩංගුවට ගත් බවත් ඔහු ලග තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබු අයිස් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් සොයාගත් බවත් පොලීසිය කියයි.