අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට


(එච්.එච් ධර්මපාල)

කොළඹ ජාතික රෝහලේ සේවකයන් තිදෙනෙකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1000ක් සමඟ අද (7)  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයින් තිදෙනා කළුතර,නාරාහෙන්පිට සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22,30,46 වයස් වල පසුවන අතර මෙම පුද්ගලයින් තිදෙනා මෙම ජාවාරමේ වසර ගණනාවක සිට නිරත වී ඇතැයි පොලිසිය පවසයි.

පොලිසියේ උපාය දූතයෙක් යොදවා මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.