අඹන් ගඟ පිටාර ගලයි


ඉන්දික අරුණ කුමාර 
 
බෝවතැන්න ජලාශයේ උමං පිටවුමේ දොරටු විවෘත කිරීමත් සමඟ  අඹන් ගඟ පිටාර ගැලීම ආරම්භ වූ බව  ජලාශයේ තාක්ෂණික ඉංජිනේරු එම්.එච්.එන්.ආර්.බණ්ඩාර මහතා පවසයි.
 
බෝවතැන්න ජලාශයෙන් අද (07) උදැසන සිට තත්ත්පරයට ගන අඩි  2000 ක ජල ධාරිතාවයක් අඹන් ගඟට මුදාහරින බව තාක්ෂණික ඉංජිනේරු ම්.එච්.එන්.ආර්.බණ්ඩාර මහතා කියා සිටියේය.
 
නාඋල  - අඹන ප්‍රදේශයෙන්  අඹන් ගඟ හරහා පාලම මේ වන විට  ජලයෙන් යටවීම හේතුවෙන් ගම්මාන තුනක ජනතාවට ගමනා ගමන පහසුකම් ඇහිරී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දි නාඋල ප‍්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලූක්ෂි ජයරත්න මහත් මිය සඳහන් කළාය.
 
අඹන් ගඟ හරහා පවතින ප‍්‍රවේශ මාර්ග අවහිරවීම හේතුවෙන් ගම්මාන කිහිපයක 600 ක පමණ පිරිසකට ගමනා ගමන කටයුතු සිදුකිරීමට නොහැකි වී තිබේ.
 
ගම්මාන කිහිපයක ජනතාවට මඩවල හරහා ගමන් කිරීමේ විකල්ප මාර්ග පවතින බවත් වර්ෂා තත්ත්වය පහව ගියහොත් බෝවතැන්න ජලාශයේ ජලය මුදා හැරිම් කටයුතු නවතා දැමීම සිදුවන බව ද ප‍්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියාය.