රංජිත් රාජපක්‍ෂ
අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයසංඛ පෙරේරා මහතාත් උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ අජන්ත නෙළුම් කුමාර මහතාත් අද තේරී පත්විය.
අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති තේරිම අද පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවැත්විණි.
සභාපතිවරයා ලෙස ජයසංඛ පෙරේරා මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ අතර අජන්ත නෙළුම් කුමාර මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා විය. ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 11ක් ලබා ගත් ජයසංඛ පෙරේරා මහතා සභාපති ලෙස තේරී පත් විය.
උප සභාපති ධුරයට එජාපයෙන් නෙළුම් කුමාර මහතාගේ නමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රුක්ෂාන් රණසිංහ මහතාගේ නමත් යෝජනා විය. ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් උප සභාපති ලෙස නෙළුම් කුමාර මහතා තේරී පත් විය.
අඹගමුව සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති අලියාගෙන්
Recommended Articles