අබලන් පාපැදිය ත්‍රීවිලයක ගැටීමෙන් පුද්ගලයෙකු මරණයට


ඩබ්ලිව්.ඒ. අසේල
 
දෙල්තොට වාඩියගොඩ මාර්ගයේ අධික  බෑවුම් සහිත කොටසක් වන මොට්ටාව ප්‍රදේශයේදි පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු පාපැදියේ තිරිංග අක්‍රිය වීමෙන් වේගය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම ස්ථානයේදීම අද  (29) මිය ගොස් තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ දෙල්තොට පියසේනපුර පදිංචි වයස අවුරුදු පනස් හතරක් වන ජයවර්ධන සිල්වා නැමති තිදරු පියෙකි. 
 
අදාල පාපැදිය අබලන් සහිත පාපැදියක් බව පොලීසිය පවසන අතර මෙවැනි අධික බෑවුම් සහිත ප්‍රදේශවල ගමන්කිරීමේදි මීට වඩා සැලකිලිමත් විය යුතු බවද පොලීසිය පවසයි. 
 
මෘත ශරීරය දෙල්තොට රෝහලේ මෘත ශරීරාගාරයට භාරදී ඇති අතර හෙට දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
 
ගලහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබේ.