දයාරත්න ඇඹෝගම
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සඳහා තේරි පත්වූ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු 107 දෙනෙක් අද පෙරවරුවේ උතුරු මැද පළාත් සභාවේ සභාපති ඩි.එම්.අමරතුංග මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා ද , උතුරු මැද පළාත් සභාවේ හිටපු නියෝජිතයෝ රැසක් ද පැමිණ සිටියහ.




