අනුරාධපුර අඹ ගෙඩි නඩුව ඔක්තෝබර 02 විභාගයට


උපාලි ආනන්ද
 
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කළ බව   සොරකම් කරන ලද  එම අඔ ගෙඩි    සන්තකයේ  තබා ගත් බවට    කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර්  මස දෙවැනිදා    විභාගයට ගැනීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්   හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
 
අඔ ගෙඩි 19 ක් සොකරම් කළ බවටත් සොරකම් කරන ලද එම අඔ ගෙඩි 19 සන්තකයේ තබා ගත් බවටත් පැමිණිල්ල විසින්  තමන්ට එල්ල කර ඇති   චෝදනා   තරයේ ප‍්‍රතික්ෂේප කරන බව අධිකරණයට දැනුම් දුන් සැකකාර කාන්තාව තමන් නිවැරදිකරු බවද අධිකරණයට කීවාය.
 
තම ගෙවත්තේ  ඇති අඔ ගසකින් අඔ ගෙඩි 19 ක් මෙම සැකකාර කාන්තාව   සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග‍්‍රාමයේ  අංක 46 ලිපිනයේ පදිංචි  වෙරළදෙණියේ  විදානලාගේ උදේණී පෙරේරා නැමැත්තිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය.
 
මෙම පැමිණිල්ල පොලිසිය තුලදීම සමතයකට පත් කර ගන්නා ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂක වාස් ගුනවර්ධණ මහතා පැමිණිලිකාර උදේනි පෙරේරා නැමැති  කාන්තාවට   මුල අවස්ථාවේ කරුනු පහදා දෙමින් යෝජනා කලද පැමිණිල්ල සමත කර ගැනීමට ඇය දැඩි ලෙස විරුද්ධත්වය  පල කළ බව පොලිසිය කියයි.
 
පසුව සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසියට සිදු විය . සැකකාර කාන්තාව අනවසරයෙන් අසල ගෙවත්තකින් කඩා ගත් බවට සැක කෙරෙන අඔ ගෙඩි 19 ක් ද පොලිස් බාරයට ගෙන නඩු භාන්ඩ ලෙස ලේඛන ගත කර තිබිණි.
 
තමන් අනවසරයෙන් අඔ ගෙඩි 19ක් නොකැඩූ බවත් අඹ ව්‍යංජනයක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඹ ගෙඩි  තුනක් පමණක් බවත් සැකකාර  කාන්තාව සිය මුල් කටඋත්තරය මගින් පොලිසියට ප‍්‍රකාශ කරනු ලැබුවාය.