අනියම් පෙම නිසා සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට


(ජුඩ් සමන්ත)

තම බිරිදට පිහියෙන් ඇණ ඝාතනය කර පලා ගොස් ඇති සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල - කුරුස පල්ලිය,දෙවැනි පියවර පදිංචිව සිටි මංජුලා ප්‍රියදර්ශණි නම් අවුරුදු 40ක තිදරු මවකි. ඊයේ (20) රාත්‍රීයේ මෙම පිහි ඇණුම සිදුකර තිබේ.

සැකකාර සැමියා පැමි‍ණෙන විට මිය ගොස් ඇති කාන්තාව තම අනියම් සැමියා සමඟ නිවසේ සිට ඇත. මේ බව දැක ඇති සැකකරු දෙදෙනාටම පිහියෙන් ඇණ තුවාල සිදු කර පලා ගොස් තිබේ. 

තුවාල ලබා සිටි දෙදෙනා  මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන්ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතත් එහිදී කාන්තාව මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් සොයන සැකකරු මීට වසර කීපයකට පෙර මාරවිල මුහුදු තීරයේ සංචාරක හෝටලයකදී වයස අවුරුදු 60 ක් පමණ වන ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු බවද පොලීසිය කියයි.