අන්තවාදය පිටු දැකීම වෙනුවෙන් පාගමනක්


( ක ග කරුණාරත්න )
 
න්තවාදය පිටුදකිමු මැයෙන් සංවිධානය කර තිබූ පාගමනක් අද ( 04 )  පොළොන්නරුවේදී පැවැත්විණි.
 
පොළොන්නරුව නගරයේ සිට කදුරුවෙල නගරය දක්වා පැවැති මෙම පා ගමනට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ප‍්‍රමුඛ මහජනතාව 2000 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
 
එකම රටක් එකම නීතියක්, අන්තවාදීන්ට ඵරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනු, අන්තවාදය පිටු දකිමු, ෂරියා විද්‍යාලයේ වහාම රජයට පවරා ගනු ආදී විවිධ සටන් පාඨ රැගත් පුවරු සහ බෞද්ධ කොඩි ජාතික කොඩි රැගෙන පිරිස පාගමනේ යෙදී සිටිනු දක්නට ලැබිණි.
 
පොලීසිය සහ යුද හමුදාව අවශ්‍ය ආරක්‍ෂාව යොදවා තිබුණි.