සමන් පාලිත නානායක්කාර
අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලී හීවැල්කඳුරේ පදිංචි රෝහල් සාත්තු සේවකයකු මිය ගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොස්ලන්ද දිසා රෝහලේ සාත්තු සේවකයකු වශයෙන් සේවය කරන එල් පත්මසිරි මහතාය.
අනවසර විදුලි රැහැන ඇද ඇත්තේ වගාව වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වීයැයි පොලිසිය පවසයි.
අනවසර විදුලි රැහැනක පැටලී සාත්තු සේවකයකු මරුට
Recommended Articles