(දිලීප් ජයසේකර)
සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ නිති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ජංගම ලි ඉරුම් හලක් වටලා තේක්ක ලි තොගයක් හා අත්ටැක්ටර් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට වැඩිදුර පරික්ෂණ සදහා සෙවනගල පොලිසියට බාරදි තිබේ.
සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකායට ලද ඔත්තුවකට අනුව සිදු කළ වැටලිමකදී නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය මෙම ලී ඉරුම්හල හා තේක්ක ලීතොගය ,අත්ටැක්ටර් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වි තිබේ.
එහි රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටින බව පොලීසය පවසයි.
විශේෂ කාර්ය බලකා නිළධාරීන් වැටලිම සිදු කරන අවස්ථාව වන විටත් සැකකරුවන් දෙදෙනෙකු ලී ඉරමින් එම ස්ථානයේ රැදී සිට ඇත.