අනවසර කැණීම් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට


(අනීෂා මානගේ)

වීරකැටිය රළුව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) තංගල්ල කොට්ඨාස පරිසර ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජේසීබී යන්ත්‍රයක් උපයෝගී කරගෙන අඩි විස්සක පමණ ප්‍රමාණයක් කැණීම් සිදුකර තිබී ඇති අතර මොවුන් ඒ සඳහා උපයෝගී කරගත් ජේසීබී යන්ත්‍රයද පොලිස් බාරයට ගෙන තිබේ.