(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා,අමල් වික්‍රමරත්න,සෙනරත් බණ්ඩාර සහ ප්‍රින්ස් රත්නායක)
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ වෘත්තිය සමිති අතර සාකච්ඡාවී එකග වී මෙතෙක් ලබානොදුන් වැටුප් විෂමතාවයන් සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෝ අද (17) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.
මෙම උද්ඝෝෂණය සඳහා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය, ලිපිකාර සහ කාර්මික සේවා සංගමය, පුස්තකාල සහ තොරතුරු සේවා සංගමය, තාක්ෂණ සහායක නිලධාරින්ගේ සංගමය, ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය යන වෘත්තීය සංගම්වල සාමාජිකයෝ සහභාගී වූහ.
රුහුණු විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එම පීඨය ඉදිරිපිටදී ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෝ ගලහා මංසන්දියේදී සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෝ සබරගමුව විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ.
(කරාපිටිය වෛද්‍ය පීඨය-ප්‍රේමතිලක ද සිල්වා)
(කරාපිටිය වෛද්‍ය පීඨය-අමල් වික්‍රමරත්න)
(පේරාදෙණිය විශ්ව විද්‍යාලය-සෙනරත් බණ්ඩාර)
(සබරගමුව විශ්ව විද්‍යාලය-ප්‍රින්ස් රත්නායක)