අනතුරින් මිය ගිය පුද්ගලයින්ට සාධාරණයක් ඉටු කරන්න‘යි උද්ඝෝෂණයක්


(චාමින්ද දිසානායක)

පල්ලේබැද්ද දෙමටගල  ප්‍රදේශයේදී  පෞද්ගලික බසයක  ගැටීමෙන්  මිය පුද්ගලයින්  දෙදෙනකු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි පවසමින්  ප්‍රදේශවාසිහු අද (04)  පල්ලෙබැද්ද නගරයේදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.

මෙම අනතුරින් මිය ගියේ  පල්ලෙබැද්ද ප්‍රදේශයේම පදිංචි විවාහකයින් දෙදෙනකු වන  එම් වි අජිත් වසන්ත (34) සහ ආර් කැලුම් විජේකුමාර (34)  නම් දෙදෙනාය.

ඉන් එක් අයෙකුට දරුවන් දෙදෙනෙකු සිටින අතර බිරින්දෑවරු න් දෙදෙනාම ගර්භනි තත්වයේ පසුවන බව කියමින්  ඔවුනට සාධාරණයක් ඉටු කරන්නැයි  උද්ඝෝෂකයෝ පැවසුහ.