අනතුරට පත් මෝටර් රිය තවත් අනතුරක


(ක.ග කරුණාරත්න)


පොලොන්නරුව - නවනගරය මාර්ගයේ 4 ඇළ ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රී 10.30 ට පමණ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටී අනතුරට ලක්වීමෙන් පසුව මෝටර් රථයේ රියැදුරා එය නොනවත්වා ධාවනය කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන ඊට නුදුරුව පිහිටි ඇලකට පෙරලී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.


එම අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරාත් මෝටර් රථයේ රියැදුරාත් තුවාල ලබා ප්‍රතිකාර සඳහා  පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කොට ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියැදුරා බීමත්ව සිටි බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.


බීමත්ව රිය පැදවීම සහ අනතුරු වාර්තා නොකිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ. පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.