( රංජිත් රාජපක්ෂ )
හැටන් කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් අනතුරට පත්විමෙන් එම යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් විල්ප්‍රඩ්පුර පදිංචි මනොහරන් ගනේෂ් නැමති 29 හැවිරිදි තරුණයෙකි.
හැටන් නුවරඑළය ප්‍රධාන මාර්ගයේ කොටගල රොසිටා ලොග්ගිල් වත්ත ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.
කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදිකරු එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සාගොස් යතුරුපැදිකරුගේ හිස ප්‍රධාන මාර්ගය අභියස පිහිටි සැතපුම් කණුවක ගැටි මෙම අනතුර සිදු වි ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.
අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබු යතුරුපැදිකරු ප්‍රදේශවාසින් විසින් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේදිත් මිය ගොස් සිටි බව දිඹුල පොලිසිය කියා සිටියේය.
අනතුරෙන් යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වි ඇත.යතුරුපැදිකරුගේ අධික වේගය සහ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිළිබදව පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය කියා සිටියේ.
ජිවිතක්ෂයට පත් තරුණයාගේ හිසට බරපතල ලෙස හානි සිදු වි ඇති බවත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් එම මාර්ග රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.