අධීවේගි බස් සේවකයෝ උද්ඝෝෂණයක


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ රියදුරුන් හා කොන්දොස්තරවරු සහනයක් ලබා දෙන්නැයි ඉල්ලා මාතර අධිවේගී මාර්ග බස් නැවතුම්පොලේ දී අද උද්ඝෝෂණක නිරත වූහ.

කොරෝනා වසංගතයත් සමග මාස එක හමාරක පමණ කාලයක සිට බස් රථ ධාවනය නොවීමෙන් තමන්ට කිසිවක් කරකියා ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ දක්වා රජයෙන් ලබා දෙන බව කී රුපියල් 5000 දීමනාව හෝ නොලැබුණු බවත් ඔවුහු එහිදී ප්‍රකාශ කළහ.

එම නිසා දැඩි සෞඛ්‍ය නිර්දේශ යටතේ හෝ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹට බස් රථ ධාවනයට අවසර ලබා දෙන ලෙසත් කුමන ආකාරයක හෝ සහනයක් තමන්ට ලබා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.