(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා මීරිගම පොලිස් වසමේ දංඕවිට නැව්ගල ප්‍රදේශයේ කලුකන්දට පහළින් පිහිටි ඉඩමක පස් කැපීමට එරෙහිව කලුකන්ද ප්‍රදේශවාසීහු අද(03) තෙවැනි වරටත් විරෝධතාවයක නිරතවූහ.
පස් කැපීම නිසා පවුල් 350 කට පමණ පානීය ජලය ලබා ගැනීමේ අවදානමක් උද්ගතවන බවද එහි නිසි බලපත්‍ර නොමැතිව පස්කපන බවද ප්‍රදේශවාසීහු පැවසූහ. පස් කපන ස්ථානයට ඉහළ කන්දේ පිහිටි ප්‍රජා ජල ව්‍යාපෘතියකින් ඔවුන් ජලය ලබා ගන්නා බවද මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණිලි කළද සාධාරණයක් වී නැතැය ඔවුහු සඳහන් කළහ.
මීරිගම ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන නිමල් තිලකරත්නෙ, සුමිත් මහින්ද ලාල් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ.
උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ මහනුවර මහා මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවිය.