අධිකරණ නමයකින් විවෘත වරෙන්තු 31 ලද පුද්ගලයකු අත්අඩංගුවට


 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රන්මාල කොල්ලකෑම සම්බන්ධයෙන්   අධිකරණ නමයකින් විවෘත වරෙන්තු 31 ක් ලබා  වසරකට අධික කාලයක් සැඟව සිටි පුද්ගලයකු  හොරණ  නගරයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.                    

මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑම සම්බන්ධයෙන්  සැකකරුට විරුද්ධව පානදුර  මතුගම පූගොඩ , අලුත්කඩේ අවිස්සාවේල්ල කැස්බෑව හෝමාගම හා කළුතර මහේස්ත්‍රාත්  අධිකරණවලින් සැකකරුට මෙම විවෘත වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මෙම සැකකරු කිසිදු අධිකරණයක් වෙත ඉදිරිපත් නොවී තිබූ බව පොලිසිය කියයි.