අධ්‍යාපන ඇමැති අනාගත සැලසුම් හදයි


නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාකාරී සැලැස්ම නුදුරු දිනෙකදී ප‍්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ යටතේ 13 වැනි ශ්‍රේණිය දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම, විෂයමාලා සංශෝධන හා නවීන තාක්ෂණයට අනුකූලව සිදු කෙරෙන සුහුරු පංති කාමර ආදී වැඩසටහන්වලට ප‍්‍රමුඛස්ථානයක් හිමි වන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර  කීපය ඇතුළත ගුරු පුරප්පාඩු සියල්ල පිරවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවය.