ජූඩ් සමන්ත
හලාවත - කොළඹ මාර්ගයේ පම්බලදී අද (4) අලුයම කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි.
අනතුරට පත්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් කැබ් රථයකි. අනතුර සිදුවන විට එහි ගමන් කරමින් සිට ඇත්තේ රියදුරු පමණකි.
මාර්ගයෙන් ඉවතට පැන ඇති කැබ් රථය මාර ගසක ගැටී එයද ගලවා ගෙන ගොස් බෝක්කුවෙන් පහළට පෙරළී ඇත.
රියදුරුට නින්ද යාම අනතුරට හේතුව වන්නට ඇතැයි විශ්වාස කරන බව පොලීසිය කියයි.