අතුරුදන් වු තරුණියගේ සිරුරේ කොටස් කුඹුරකින් සොයා ගනී


 ( ක.ග කරුණාරත්න)

පොලොන්නරුව, ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාසයකට පමණ පෙර නිවසින් අතුරුදන් වූ බව කියන 23 හැවිරිදි අවිවාහක ඇඟලුම් සේවිකාවකෙ ඇගේ  පෙම්වතා විසින් මරා පුළුස්සා දමා තිබියදී මළ සිරුරේ අවශේෂ අද (12) දහවල් පොලොන්නරුව ලක්ෂඋයන ප්‍රදේශයේ පිහිටි වෙල් යායකින් සොයාගත් බව පුලස්තිපුර පොලීසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පොලොන්නරුව, පුලස්තිපුර, බී.ඕ.පී 317 අංක 03 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එල්.එම්.ඒ.ජී අයේෂා කෞෂල්‍යා (23) යන තරුණියයි.

ඇය පොළොන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇඟලුම් නිෂ්පාදන කම්හලක සේවය කර ඇති බවත් ඇගේ පෙම්වතාද එහිම සේවය කළ විවාහක පුද්ගලයකු බවද හෙළිවී ඇත.

මේ තරුණිය 2019.04.10 වෙනි දින සිට නිවෙසින් අතුරුදන්ව ඇති බවට ඇගේ පියා විසින් පුලස්තිපුර පොලිසියට 2019.04.12 දින පැමිණිලි කර තිබේ.

ඒ අනුව විමර්ශණ සිදුකළ පොලීසිය තරුණියගේ පෙම්වතා බව කියන පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී තරුණියගේ ඝාතනය තමන් විසින් සිදුකළ බවට පොලිසියට පාපොච්චාරණය කර ඇත.

තම පෙම්වතිය මරා පුළුස්සා දැමූ ස්ථානය සැකකරු විසින් පෙන්වීමෙන් අනතුරුව ඒ මල සිරුරේ අස්ථි කැබැලි ඇතුළු අවශේෂ අද (12) දිනයේ සොයා ගැනීමට හැකිවූ බව විමර්ශණ කටයුතු කරන පොලිස් නිලධාරීහු පැවසූහ.

ඒ  සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අද (12) සවස පැවැත්වීමට නියමිතව තිබේ.

පුලස්තිපුර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.