රොමේෂ් මධුෂංඛ
යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ මාර්ගයන්හි තනිව ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් ඉතා සූක්ෂමව සොරා ගන්නා ලද පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව චාවකච්ඡේරි පොලීසිය පවසයි.
චාවකච්ඡේරි ප්‍රදේශයේ දී කාන්තාවගේ අත්බෑගයක් අදාළ සැකකරු විසින් සොරාගෙන යාමෙන් පසුව එම කාන්තාව ච්වකච්චේරි පොලීසියට ලබාදුන් හෝඩුවාවක් අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කලෙක පටන් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ තනිව ගමන් ගන්නා කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ගොස් අදාළ කාන්තාවන්ගේ අත්බෑග් සොරා ගැනීම සිදුකර ඇති අතර පොලීසිය ද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට මීට පෙර සිටම පරික්ෂණ සිදුකර තිබේ.
සැකකරු චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවකු වූ අතර පොලිසීය විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ජංගම දුරකථන 18 ක්, රුපියල් 19,000 ක මුදලක්, කාන්තා අත් බෑග් 4 ක්, යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.