අත්තිඩිය වැඩිහිටි විවේකාශ්‍රමය පස් වැනිදා වැඩිහිටි දිනය සමරයි


දෙහිවල අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය ජගත් වැඩිහිටි දිනය වෙනුවෙන් ඔක්තෝබර පස් වැනි දා උත්සවයක් පැවැත්වීමට නියමිතය.

අත්තිඩිය සහනෝදා පදනම, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය,ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයය හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයය සමඟ දෙහිවල ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන මෙම උත්සාවය සංවිධානය කරයි.

කුලදෙටු අභිනන්දන විවිධප්‍රසංගයක් සංවිධානය කර ඇත. එහි නාට්‍ය හා ගීතමය ජවනිකාවලට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ රංගන දායකත්වය දෙති. වයස අවුරුදු 90 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියනට උපහාර ද පිදෙන බව සහන උදය පදනමේ හපුතලේ පඤ්ඤාරාම හිමියෝ කියති.

ඇමැති එස් බී දිසානායක, ඇමැති පාඨලී චම්පික රණවක, ඇමැති රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය ඇමැති මොහාන්ලාල් ග්‍රේරු, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහත්වරු ද ආරාධිතයෝ ය.