අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රී ඇප මත නිදහස්


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

දේශපාලන දැන්වීම් පුවරුවක් කඩා දැමූවැයි ත්‍රිරෝද රථ රියදුරකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර පලනි සත්‍යවේල් මහතා රුපියල් 5000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට නුවරඑළිය මහේස්ත‍්‍රාත් ඉන්දික රුවන් මහතා අද(26)  නියෝග කළේය.