බිමල් ශ්‍යාමන් ජයසිංහ
වයෝවෘද්ධ සේවකයාට පහර දී අත් පා හා කට බැඳ හොරණ වෙළඳසැලක් පිටුපස කාණුවක් මත දැමූ වෙළඳසැලේ හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
වෙළඳසැලක සේවකයකු බැඳ දමා වෙළඳසැල පිටුපස දමා ඇති බවට හොරණ පොලිසිය ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම පුද්ගලයා බැඳ දැමූයේ ඔහු මත්පැන් බී පරුෂ වචනින් බැණ වදින හෙයින් බව වෙළඳසැල් හිමිකරු පවසා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිසිය වෙළඳසැල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.