අත් ට්‍රැක්ටරයේ ට්‍රේලරයට යටවී කුඩා දරුවෙකු මියයයි


(ක.ග.කරුණාරත්න)

හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අලුත්ඔය, සිංහගම ප්‍රදේශයේදී අද (06) පස්වරුවේ පියා විසින් පදවාගෙන ගිය අත් ට්‍රැක්ටරයේ ට්‍රේලරයේ ගමන් ගත් පස් හැවිරිදි දියණිය එයින් බිමට ඇද වැටී ට්‍රේලරයේ රෝදයකට යටවීමෙන් මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හබරණ,අලුත් ඔය,සිංහගම, පදිංචිව සිටි තහම්වී ප්‍රියන්සා විජේබාහු නැමැති පස්හැවිරිදි දැරියකි.

ඇයගේ මව ඇතුළු පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ අත්ට්‍රැක්ටරයේ නැඟී  ගමනක් යෑමට පිටත් වීමට සූදානම් වූ අවස්ථාවේ නිවසට ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබෙන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.